සිරියාවේ ඩමස්කස්හි පල්ලියකට ඊයේ (22) එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයින් 22 දෙනෙකු මිය ගොස් තවත් 63 දෙනෙකු තුවාල ලබා ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කරන බව විදෙස් මාධ්‍ය පවසනවා.
අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයට අනුව, ඉරිදා (22) සවස දේව මෙහෙයක් අතරතුර, ඩ්වෙයිලා අසල්වැසි ග්‍රීක ඕතඩොක්ස් පල්ලියේදී පුද්ගලයෙකු ආයුධයකින් වෙඩි තබා පුපුරණ ද්‍රව්‍ය කබායක් පුපුරුවා හැර තිබෙනවා.
ප්‍රහාරකයා ජිහාඩ්වාදී කණ්ඩායමක් වන ඉස්ලාමීය රාජ්‍ය (IS) සමඟ සම්බන්ධ බව එහි සඳහන්.
නමුත් මේ වන තෙක් එම කණ්ඩායම විසින්ම ප්‍රහාරය සම්බන්ධයෙන් කිසිඳු ප්‍රකාශයක් සිදු කර නැහැ.
පල්ලිය ඇතුළත ඡායාරූප සහ වීඩියෝවල දැඩි ලෙස හානි වූ පූජාසනයක්, කැඩුණු වීදුරුවලින් වැසී ගිය ආසන සහ බිත්ති පුරා ලේ විසිරී තිබූ ආකාරය දක්නට ලැබුණා.