මැද පෙරදිගට වහාම කොන්දේසි විරහිත සටන් විරාමයක් ඉල්ලා රුසියාව, චීනය හා පාකිස්ථානය ජගත් ආරක්ෂක මණ්ඩල හදිසි සැසිවාරයේ දී යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා.
ඔවුන් මෙම යෝජනාව මඟින් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ඉරානයේ න්‍යෂ්ටික බලාගාරවලට පහර දීම වහා නතර කළ යුතු බවයි.
කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් ඡන්ද විමසීමක් පැවැත්වීම පිළිබඳව මෙතෙක් තීරණයක් ගෙන නැහැ.
එමෙන්ම අන්තර් ජාතික පරමාණු බලශක්ති ඒජන්සිය ප්‍රකාශ කළේ මෙවැනි ප්‍රහාරවලින් භයානක ප්‍රතිඵල ඇතිවිය හැකි බවයි.
මේ අතර ඉරානයට එල්ල වූ අමරිකා ප්‍රහාරයෙන් පසු ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, ඉරාන ජනාධිපති මසුඩ් පෙසෙෂ්කියන් සමඟ ඊයේ (22) දුරකථන සංවාදයක නිරතව තිබෙනවා.
මිනිත්තු 45 ක් පැවති මෙම සාකච්ඡාවේදි ගැටුම් උග්‍රවීම මැඩපැවැත්වීම සඳහා සංවාදයක් හා රාජතාන්ත්‍රිකභාවය අවශ්‍ය බවට ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ඉල්ලීමක් කර ඇති අතර ඒ සම්බන්ධයෙන් ඉරාන ජනාධිපතිවරයා ස්තූතිය පළ කර තිබෙනවා.
මීට අමතරව ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට එල්ල වූ ප්‍රහාරයෙන් පසු රතු මුහුදේ ගමන් ගන්නා ඇමරිකා නැව්වලට ප්‍රහාර එල්ල කිරීමට සූදානම් බව යේමනයේ හූති කැරලිකරුවන් පවසනවා.