Latest News

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා අද ශ්‍රී ලංකාවට

Published 11 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක්, නිල සංචාරයක් සඳහා අද (23) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව ඔහු එළඹෙන 26 වනදා දක්වා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වන බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයෙක් ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන්නේ 2016 වසරේ පෙබරවාරි මාසයෙන් පසුව වීම විශේෂත්වයක්.

සංචාරය අතරතුර මහ කොමසාරිස්වරයා ජනාධිපති අනුර කුමාර දිසානායක සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ද හමුවීමට නියමිතයි.

ඊට අමතරව ඔහු විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යවරයා ඇතුළු කැබිනට් අමාත්‍යවරු කිහිපදෙනෙකු මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ජ්‍යෙෂ්ඨ රජයේ නිලධාරීන්, ආගමික නායකයින්, සිවිල් සමාජ නියෝජිතයින් සහ රාජ්‍ය තාන්ත්‍රික ප්‍රජාවේ සාමාජිකයින් කිහිපදෙනෙකු හමුවීමට නියමිත බව සඳහන්.

එමෙන්ම මෙරට මානව හිමිකම් කොමිසම සමඟ රැස්වීමක් ද මහ කොමසාරිස්වරය විසින් පැවැත්වීමට නියමිත බව සඳහන්.

World News

Send your contact Details Today