Latest News

අමරිකාවෙන්, ඉරානයට එල්ල කළ ප්‍රහාරයට එක්සත් ජාතීන්ගේ මහලේකම්ගෙන් ප්‍රකාශයක්

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් පවසන්නේ, ඉරානයට එරෙහිව එක්සත් ජනපදය බලය යෙදවීම පිළිබඳව තමා දැඩි ලෙස කනස්සල්ලට පත්ව සිටින බවත්, එය දැනටමත් භයානක ගැටුමක අද්දර සිටින කලාපයක තත්වය ඉන් උත්සන්න වීමක් සිදුවන බවත්, අන්තර්ජාතික සාමයට සහ ආරක්ෂාවට එය සෘජු තර්ජනයක් බවයි.

සිවිල් වැසියන්ට, කලාපයට සහ ලෝකයට විනාශකාරී ප්‍රතිවිපාක සමඟ මෙම ගැටුම ඉක්මණින් පාලනයෙන් මිදීමේ අවදානමක් පවතින බව ඔහු X ගිණුමෙහි සටහනක් තබමින් සඳහන් කළා.

“එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය සහ අනෙකුත් අන්තර්ජාතික නීතිරීති යටතේ ඔවුන්ගේ බැඳීම් තහවුරු කිරීම සහ ආරක්ෂා කරන ලෙස මම සාමාජික රටවලින් ඉල්ලා සිටිමි. මෙම භයානක මොහොතේ, අවුල් සහගත තත්වයන් වළක්වාගැනීම ඉතා වැදගත් වේ” ඔහු වැඩිදුරටත් පැවැසුවා.

World News

Send your contact Details Today