Latest News

සිකුරාදා යාඥාවලින් අනතුරුව ඉරාක වැසියන්, සදර් නගරයේදී සිදු කළ දේ

Published 24 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඉරානයට සහාය පළ කරමින් ඊයේ (20) දින බැග්ඩෑඩ්හි සදර් නගරය වෙත දස දහස් ගණනක් ඉරාක වැසියන් රැස්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව ඉරානයට එල්ල වූ ප්‍රහාර මධ්‍යයේ එක්සත් ජනපදයට සහ ඊශ්‍රායලයට විරුද්ධව විරෝධතා පාඨ කියමින් සිකුරාදා යාඥාවලින් අනතුරුව මෙසේ ඉරාක වැසියන් සදර් නගරය වෙත රැස්ව සිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඉරාක අගනුවරේ උප නගරයක් වන සදර් නගරය විප්ලව නගරය ලෙස ද හැඳින්වෙන බව සඳහන්.

එහි ඇස්තමේන්තුගත ජනගහනය මිලියනයකට වඩා වැඩි බව ද වාර්තා වනවා.

එසේම විදෙස් මාධ්‍ය වාර්තා කළේ අද දින ද ඉරානය ඊශ්‍රායලයට මිසයිල ප්‍රහාර එල්ල කර තිබෙන බවයි.

මේ වන විට ඉරානය සහ ඊශ්‍රායල අතර යුද ගැටුම් ඇරඹී දින අටක් ගතව අවසන්.

ඊශ්‍රායල හමුදාව කියා සිටින්නේ උතුරු මධ්‍යම සහ දකුණු ඊශ්‍රායලයට අද දින මෙසේ මෙම ප්‍රහාර එල්ල වූ බවයි.

එසේම හමුදාව ඊශ්‍රායල එක්ස් හි සටහනක් තබා සඳහන් කර ඇත්තේ ඊශ්‍රායල හමුදාව මෙම මිසයිල ප්‍රහාරය අවසන් බවට සංඥා කර තිබෙන බවයි.

World News