කැනඩාවේ ධීවර හා සාගර විද්‍යාඥ චෙරිස් ඩුප්‍රීස් ඇතුළු ජාත්‍යන්තර පර්යේෂණ කණ්ඩායමක් 2025 මැයි මාසයේදී වැන්කුවර් දූපතට ඔබ්බෙන් ක්‍රියාකාරී දිය යට ගිනි කන්දක් මත ගැඹුරු මුහුදේ රන් පැහැති බිත්තර තවානක් සොයාගෙන තිබෙනවා.
ඒ අනුව එකක් අඟල් 18-20ක් පමණ පළල රන් බිත්තර මිලියන 2.6 ක් පමණ සොයාගෙන ඇති අතර ඒවා ප්‍රධාන වශයෙන් මෝරුන්ට නෑකම් කියන ගැඹුරු වාසස්ථානය වල ජීවත් වන පැසිෆික් සුදු ස්කේට්ලගේ බවයි පැවසෙන්නේ.
එනම් අපි හඳුන්වන මඩුවා කියන සත්වයාට සමානම සතෙක්.
මෙම බිත්තර පොකුරු භූතාප වාතාය පිටවෙන තැන් අසල පිහිටා තිබෙන්නේ ගිනිකඳු උණුසුම ස්වාභාවික ඉන්කියුබේටරයක් ලෙස ක්‍රියා කිරීම හේතුවෙන් බවයි වාර්තා වන්නේ.
එම උණුසුම සාමාන්‍යයෙන් වසර හතරක් සිට දහයක් ගතවන කම් පවතින නිසා මේ උණුසුම බිත්තර සරුවට පවත්වාගන යන්න දායක වනවා.
මෙම සොයාගැනීම සාගර ජීවීන්ගේ සීමාවන් පිළිබඳ දිගු කලක් පැවති උපකල්පන උඩු යටිකුරු කරන අතර, එය ගැඹුරු මුහුදේ විශේෂවල ඇදහිය නොහැකි අනුවර්තනය වීමේ හැකියාව අවධාරණය කරනවා.
පරිසර දූෂණය, දේශගුණික විපර්යාස සහ ගැඹුරු මුහුදේ පතල් කැණීම වැනි තර්ජන වලින් මෙම පරිසර පද්ධති ආරක්ෂා කිරීම කළ යුතු බවයි එම ජාත්‍යන්තර පර්යේෂණ කණ්ඩායම පවසන්නේ.