Latest News

වසර 10,500කට පමණ පෙර ජීවත් වූ ප්‍රාග් ඓතිහාසික කාන්තාවකගේ මුහුණක් ප්‍රතිනිර්මාණය කරයි

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

වසර 10,500කට පමණ පෙර බෙල්ජියමේ ජීවත් වූ ප්‍රාග් ඓතිහාසික කාන්තාවකගේ නටබුන් අධ්‍යයනය කරන පර්යේෂකයින් කණ්ඩායමක්, DNA භාවිතයෙන් ඇගේ මුහුණේ ප්‍රතිනිර්මාණයක් සිදුකර තිබෙනවා.

ගෙන්ට් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයින් පිරිසක් විසින් මෙහෙයවන ලද කණ්ඩායමක් විසින් මෙය නිර්මාණය කර ඇති බවයි CNN වෙබ් අඩවිය පැවසුවේ.

මෙම නිර්මාණය සම්බන්ධයෙන් අදාළ පිරිස මේ දක්වා විශ්ලේෂණය කර ඇති කරුණු අනුව අනාවරණය කරගෙන ඇත්තේ, බටහිර යුරෝපයේ මෙසොලිතික් යුගයේ (Mesolithic period) සිටි අනෙකුත් බොහෝ පුද්ගලයින්ට වඩා මෙම කාන්තාවට නිල් ඇස් සහ තරමක් සුදු සමක් තිබෙන්නට ඇති බවයි.

එම කාන්තාව එක්සත් රාජධානියෙන් හමු වූ ‘චෙඩ්ඩර්’ මිනිසාගේ ග්‍රෝත්‍රයට සමානකමක් දක්වන බව අදාළ පර්යේෂණ ව්‍යාපෘතියේ ප්‍රධානියා ලෙස කටයුතු කරන ගෙන්ට් විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යාඥයෙකු වන ඉසබෙල් ඩි ගෲට් වෙත පවසා තිබෙනවා.

ඒ අනුව මෙම ප්‍රතිනිර්මාණය කළ කාන්තාවගේ ගෝත්‍රය හා එක්සත් රාජධානියේ සිටි ‘චෙඩ්ඩර්’ මිනිසාගේ ග්‍රෝත්‍රය එකම කාලයේ ජීවත්ව සිටින්නට ඇති බව උපකල්පනය කළ හැකි බවයි.

1988-1989 කාලවකවානුවේ සිදුකළ කැනීමකදී මෙම කාන්තාව ඇතුළු තවත් කාන්තාවන් අට දෙනෙකුගේ සිරුරු බෙල්ජියමේ ගුහාවකින් හමු වී තිබෙනවා.

ඉන් මෙම කාන්තාව වයස අවුරුදු 35ත් 60ත් අතර සිටින්නට ඇති බව ඉසබෙල් ඩි ගෲට් පවසනවා.

World News

Send your contact Details Today