Latest News

“එරික්” නිසා මෙක්සිකෝවට අනතුරු ඇඟවීමක්

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

“එරික්” සුළි කුණාටුවෙන් මෙක්සිකෝවට දැඩි බලපෑම් එල්ල වනු ඇති බවට අනතුරු අඟවා තිබෙනවා.

දැනටමත් දෙවන කාණ්ඩයේ සුළි කුණාටුවක් වන මෙය වේගයෙන් වර්ධනය වී තුන්වන කාණ්ඩයේ සුළි කුණාටුවක් බවට පත්වනු ඇති බවටයි මෙක්සිකෝ ආරක්ෂක අංශ පවසා ඇත්තේ.

ඊයේ (18) වන විටත් උපරිම සුළගේ වේගය පැයට කිලෝ මීටර 175 දක්වා වර්ධනය වී තිබුණා.

අද (19) වන විට එය පැයට කිලෝ මීටර 180 දක්වා ඉහළ යනු ඇති බැවින් නිවාසවලින් පිටතට නොයෙන ලෙස මෙක්සිකෝ ජනතාවට දැනුම් දී තිබෙනවා.

මේ වන විටත් සුළි කුණාටුව හේතුවෙන් ආරක්ෂිත ස්ථාන 200ක් පමණ පිහිටුවා ඇති බවයි වාර්තා වන්නේ.

World News

Send your contact Details Today