බලුකිස්තානයේ බෙදුම්වාදී කණ්ඩායම් මැඬ පැවැත්වීම සඳහා පාකිස්තාන හමුදාව අයිඑස් ත්‍රස්ත සංවිධානය භාවිත කිරීමේ උත්සාහයක නිරතව සිටින බවට තොරතුරු වාර්තා වී ඇතැයි Europe Times පුවත් සේවය වාර්තා කරනවා.
බලුකිස්තානයේ දැඩි රාජ්‍ය ප්රතිපත්තීන් දෙකක් එකවර සිදුවීම එම තොරතුරුවලට පදනම් වී ඇතැයි ද Europe Times පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළා.
බලුකිස්තාන ප්‍රාන්ත රජය පසුගියදා ත්‍රස්ත විරෝධී පනතක් සම්මත කරගැනීමත්, අයිඑස් ත්‍රස්ත සංවිධානයට සම්බන්ධ අල් අසේම් මාධ්‍ය පදනම පර්සියානු භාෂාවෙන් නිකුත් කළ පොත් පිංචක බලුකිස්තාන බෙදුම්වාදීන්ට අනතුරු අඟවා තිබීමත් බලුකිස්තාන බෙදුම්වාදීන්ට එරෙහිව සිදු කිරීමට උත්සාහ දරන දැඩි රාජ්‍ය ප්රතිපත්තීන් පැහැදිලි වී ඇතැයි ද Europe Times පුවත් සේවය සඳහන් කරනවා.
බලුකිස්තාන ත්‍රස්ත විරෝධී පනත මඟින් විධිමත් චෝදනා නොමැතිව වුවත් පුද්ගලයන් මාස තුනක් දක්වා රඳවා තබා ගැනීමට බලතල ලැබී ඇති අතර, එය දැඩි මානව හිමිකම් ගැටලු මතු කර ඇතැයි වාර්තා වේ. පාකිස්තාන හමුදාව අයිඑස් ත්‍රස්ත සංවිධානය භාවිත කරමින් බලුකිස්තානයේ බෙදුම්වාදීන් මැඬපැවැත්වීමට උත්සාහ දරන්නේ නම් එය පාකිස්තානය සහ අයිඑස් ත්‍රස්ත සංවිධානය අතර ඇති සම්බන්ධතාව තහවුරු කිරීමක් වනු ඇතැයි ද Europe Times පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළා.