කාන්තාවන් භාවිත කරන App එකක් මගින් සිය පෞද්ගලික තොරතුරු වෙළඳ දැන්වීම් හා පර්යේෂණ සඳහා තෙවන පාර්ශවයකට අළෙවි කරන බවට වාර්තා වී තිබෙනවා.
මිලියන 50 ක් පමණ කාන්තාවන් සිය ඔසප් චක්‍ර වෙනුවෙන් App එකක් භාවිත කරන අතර ඒ හරහා සිය තොරුතුරු අළෙවි කිරීමක් සිදුකරන බවයි විශේෂඥයින් අනතුරු අඟවන්නේ.
බොහෝ ඕස්ට්‍රේලියානුවන් ඔසප් වීමේ දිනයන් සිට ගැබ් ගැනීම් දක්වා මෙම App එකට දත්ත ඇතුළු කරනු ලබනවා.
කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ වාර්තාවකින් හෙළි වී ඇත්තේ Cycle Tracking App (CTA) මඟින් පුද්ගලයින්ගේ පෞද්ගලික දත්ත මහා පරිමාණයෙන් අළෙවි කරනු ලබන බවයි.
එම දත්ත මගින් පුද්ගලයින්ගේ මානසික සෞඛ්‍ය ගැටළු, ලිංගිකත්වය, සමාජ පුරුදු සහ දේශපාලනය පිළිබඳ අවබෝධයක් ලබා දිය හැකි අතර බොහෝ තෙවන පාර්ශවයන් විශාල මුදලක් ඒ සඳහා ගෙවන බවටයි අනාවරණය වී ඇත්තේ.
මෙම App බොහොමයක් නොමිලේ ලබාදෙන අතර ඔබ එහි අළෙවි වන නිෂ්පාදනයක් වනු ඇති බවයි නිව්කාසල් විශ්ව විද්‍යාලයේ ජෛව වෛද්‍ය විද්‍යා සහ ෆාමසි පාසලේ, ආචාර්ය එම්මාලී ෆෝඩ් (Dr Emmalee Ford ) පැවසුවේ.
මේ අතර පරිශීලක දත්ත තෙවන පාර්ශවයන්ට විකිණීමෙන් ඇතිවන අවදානම් අවම කිරීම වෙනුවෙන් කේම්බ්‍රිජ් වාර්තාව, නිර්දේශ හයක් ඉදිරිපත් කර තිබෙනවා.
මේ සම්බන්ධයෙන් කාන්තාවන් දැනුවත් කිරීම, ඩිජිටල් සාක්ෂරතාවය වැඩි කිරීම සහ මහජන සෞඛ්‍ය ආයතන සිය Cycle Tracking App සංවර්ධනය කිරීම ඇතුළත් වනවා.
එමෙන්ම සංවේදී සෞඛ්‍ය තොරතුරු ලෙස CTA දත්ත දැඩි ලෙස නියාමනය කිරීම සහ ඒවා වඩාත් විනිවිදභාවයට පත් කිරීම සම්බන්ධයෙන්ද කේම්බ්‍රිජ් වාර්තාවේ සඳහන්.