කොළඹ නගර සභාවේ නගරාධිපතිවරයා තෝරා ගැනීම සඳහා පැවති රහස් ඡන්දයෙන් කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ලෙස ජාතික ජනතා බලවේගයේ (NPP) ව්රායි කැලි බල්තසාර් තේරී පත් වී තිබෙනවා.
ඒ අනුව ඡන්ද පහත පරිදි වනවා…
ව්රායි කැලි බල්තසාර් (NPP) – 61
රීසා සරූක් (SJB) – 54
නගරාධිපතිවරයා තෝරා ගැනීම සඳහා ඡන්ද විමසීමක් කොළඹ නාගරික කොමසාරිස්වරිය විසින් යෝජනා කළ අතර ඊට ජාතික ජන බලවේගය විසින් රහස්ය ඡන්දයක් සහ සමගි ජන බලවේගය විසින් විවෘත ඡන්දයක් යෝජනා කළා.
එහිදී ඡන්දය රහස්ය ඡන්දයක් ද විවෘත ඡන්දයක් යන්න සඳහා සභාව තුළ උණුසුම් තත්ත්වයක් ඇති කරනු ලැබුවා.
කෙසේ වෙතත් අවසානයේ කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිවරයා තෝරා ගැනීම සඳහා රහස් ඡන්දයක් පැවැත් වීමට කොළඹ නාගරික කොමසාරිස්වරිය තීරණය කළා.