Latest News

ඉරාන මිසයිල ප්‍රහාරවලින් තවත් ශ්‍රී ලාංකිකයෙකුට තුවාල

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අද (16) උදෑසන ඊශ්‍රායල බෙනිබරක් ප්‍රදේශයට එල්ල වූ ඉරාන මිසයිල ප්‍රහාරයකින් ශ්‍රී ලාංකින තරුණයෙක් තුවාල ලබා ඇති බව වාර්තා වනවා.

ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර සඳහන් කළේ එම තරුණයාගේ එක් පාදයකට තුවාල සිදුව ඇති බවයි.

ඔහුව ප්‍රතිකාර සඳහා මේ වනවිටත් යොමුකර ඇති බව තානාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.

මේ අතර ඉරාන ප්‍රහාරයකින් ඊශ්‍රායලයේ විසූ තවත් ශ්‍රී ලාංකික කාන්තාවක් ඊයේ (15) තුවාල ලැබුවා.

ඇය මේ වනවිට යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවයි තානාපති නිමල් බණ්ඩාර වැඩිදුරටත් පැවසුවේ.

World News

Send your contact Details Today