Latest News

ඉන්දියාවේ අදත් ගුවන් අනතුරක් – 07 දෙනෙකු ජිවිතක්ෂයට

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

උතුරු ඉන්දියාවේ උත්තරාකන්ඩ් ප්‍රාන්තයේ කඳුකර ගෞරිකුන්ද් ප්‍රදේශයේදී නියමුවා ඇතුළු පුද්ගලයින් 07 දෙනෙකු රැගත් හෙලිකොප්ටරයක් අද (15) අනතුරට ලක්වීමෙන් එහි ගමන්කළ පුද්ගලයින් 07 දෙනෙකු මිය ගිය බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

ඉන්දීය ප්‍රවෘත්ති ඒජන්සිය වන ANI ට අනුව, හෙලිකොපටර් යානය ඩෙහ්රාඩුන් සිට ගුවන් ගත වී ඇති අතර, හිමාලයානු දේවාලය අසල ඉහළ උන්නතාංශ කලාපයක් වන ගෞරිකුන්ද් අසලදී ගුවන් ගමනාගමන පාලනය සමඟ සම්බන්ධතා නැති වී තිබෙනවා.

පසුව සිදුකළ සෝදිසියකදී ත්‍රිජුගිනාරායන් සහ ගෞරිකුන්ද් අතර තිබී කඩා වැටුණු හෙලිකොපටරයේ සුන්බුන් සොයා ගත් බවයි එම මාධ්‍ය වාර්තාවේ සඳහන්.

World News

Send your contact Details Today