Latest News

ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයන්ට දැනුම්දීමක්

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඊශ්‍රායල – ඉරාන යුද ගැටුම් උත්සන්නවීමත් සමග මැද පෙරදිග කලාපයේ ඇතිව තිබෙන වාතාවරණය හමුවේ ශ්‍රී ලාංකික ප්‍රජාව වඩාත් විමසිලිමත්ව පසුවිය යුතු බව ඊශ්‍රායලයේ, ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර පවසනවා.

ඒ අනුව ඊශ්‍රායලයට පැමිණීමට අපේක්ෂාවෙන් සිටින පිරිස් සිය ගුවන් ගමන් ප්‍රමාද කිරීම වඩා යෝග්‍ය බවයි ඔහු දැනුම් දෙන්නේ.

ඊශ්‍රායලය පුරා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර ඇති අතර ඊශ්‍රායලය, ඉරානය ඇතුළු කලාපය පුරා ගුවන් කලාප හරහා ගුවන් ගමන් නතර කර තිබෙනවා.

ඒ අනුව ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයන් තමන්ට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය, ඖෂධ ඇතුලු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ළග තබාගන්නා ලෙසයි ඊශ්‍රායලයේ, ශ්‍රී ලංකා තානාපතිවරයා වැඩිදුරටත් දැනුම් දී ඇත්තේ.

World News

Send your contact Details Today