Latest News

නැවත දැනුම් දෙනතුරු ඉරාන ගුවන් අවකාශය වසා දමයි – රට පුරා හදිසි තත්ත්වයක්

Published 11 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඊශ්‍රායලය ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථාන, හමුදා මූලස්ථාන, හමුදා අණ දෙන නිලධාරීන් සහ න්‍යෂ්ටික විද්‍යාඥයින් ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කිරීමෙන් පසුව, නැවත දැනුම් දෙනතුරු ඉරාන ගුවන් අවකාශය වසා තැබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව, ආරක්ෂක අමාත්‍ය Israel Katz විසින් රට පුරා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

එමෙන්ම ඉරානය ටෙහෙරානයේ ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් පිටතට ගුවන් ගමන් ද අත්හිටුවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මේ අතර ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් ඉරාන විප්ලවවාදී ආරක්ෂක බළකායේ ප්‍රධාන අණදෙන නිලධාරි හොසේන් සලාමි මියගිය බව ඉරාන රාජ්‍ය මාධ්‍ය තහවුරු කර තිබෙනවා.

World News

Send your contact Details Today