Latest News

එක්සත් රාජධානියේ පිහිටි ගම්මානයක සිටින ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු ගැන විශේෂ තොරතුරක්

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

එක්සත් රාජධානියේ පිහිටි ගම්මානයක් වන උතුරු යෝක්ෂයර් හි බ්‍රොටන් ගම්මානයේ සුදු ජාතිකයන් නොවන අය ලෙස ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු වාර්තා වන බව Daily Mail වාර්තා කරනවා.

එය මුළු රටේම අවම වාර්ගික මිශ්‍රණය ලෙස වාර්තා වී තිබෙනවා.

පසුගිය සංගණනයේ නිල දත්තවලින් හෙළි වන්නේ, උතුරු යෝක්ෂයර් ගම්මානයේ මෙම ප්‍රදේශයේ වාර්තා වී ඇති පුද්ගලයන් 1,108 දෙනාගෙන් දෙදෙනෙකු හැර අනෙක් සියල්ලන්ම ඉංග්‍රීසි, වේල්ස්, ස්කොට්ලන්ත, උතුරු අයර්ලන්ත හෝ බ්‍රිතාන්‍ය සුදු ජාතිකයන් ලෙස හඳුනාගෙන ඇති බවයි.

මෑතකදී පැමිණ ඇති මිතුරන් වන සෑම් රුත්‍රන් සහ මූහනස්ලාන් ෂම්බාසිවන්, දැන් ගමේ කඩය සහ තැපැල් කාර්යාලය පවත්වාගෙන යන අතර, ඔවුන් බ්‍රොටන් හි මෙතෙක් පැවති අද්විතීය සමාජ සැකැස්ම වෙනස් කර ඇති බව පෙනී යන බවයි Daily Mail පවසන්නේ.

ශ්‍රී ලාංකිකයන් දෙදෙනා පවසන්නේ ඔවුන් මෙම පැරණි පතල් ගම්මානයට ආකර්ෂණය වූයේ එහි සාපේක්ෂව පහළ මට්ටමේ කුලී නිසා බවයි.

‘ඩාර්ට්ෆර්ඩ් හි නිදන කාමර තුනක නිවසකට අපගේ කුලිය පවුම් 1,200ක් වුණා, මෙහි එය පවුම් 600යි.’ ඔහු පෙන්වා දෙනවා.

එමෙන්ම සිවිල් යුද්ධය නිසා ඔවුන්ට තම මව්බිම හැර යෑමට සිදු වූ බව ඔවුන් ප්‍රකාශ කර තිබෙනවා.

ඔවුන් පැමිණි විට ප්‍රදේශවාසීන්ගෙන් උණුසුම් පිළිගැනීමක් ලැබී තිබුණා.

ගමේ කඩය පවත්වාගෙන යන 36 හැවිරිදි සෑම් පවසන්නේ ගම්මානයේ සුදු ජාතිකයන් නොවන බොහෝ දෙනෙක් නොමැති වුවත් එය කිසි විටෙකත් ගැටලුවක් වී නැති බවයි.

“මෙහි ජනතාව හොඳයි, සුන්දර නිහඬ ප්‍රදේශයක්. ඉඳහිට අප්‍රසන්න අදහස් දැක්වීම් තිබුණා, නමුත් ඒ ඉතා සුළු පිරිසකින් පමණයි.” යනුවෙන් ඔහු සඳහන් කරනවා.

සෑම්ගේ මිතුරකු වන 39 හැවිරිදි මූහනස්ලාන්, වසර හතරකට ආසන්න කාලයක් බ්‍රොටන් හි තැපැල් කාර්යාලය භාරව සිට තිබෙනවා.

“ඒක මිත්‍රශීලී තැනක්, අපිත් ප්‍රජාවේ කොටසක් කියලා මට දැනෙනවා, නමුත් කවදා හරි ලොකු නගරයකට යන්න මම බලාපොරොත්තු වෙනවා. බ්‍රොටන් නගරයේ සමාජීය ගැටලු කිහිපයක් තියෙනවා, බොහෝ දෙනෙක් රැකියා විරහිතයි, අඩු ආදායම්ලාභීන් ” යැයි ඔහු පවසනවා.

World News

Send your contact Details Today