Latest News

ඇඳිරිනීතිය ඉවත් කිරීමෙන් පසුව ලොස් ඇන්ජලිස් නුවර අලුත්ම තත්ත්වය මෙන්න

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

විරෝධතාවල නිරත වූ පුද්ගලයින් සිය ගණනක් අත්අඩංගුවට ගැනීමෙන් පසු ලොස්ඇන්ජලිස් නුවර මේ වන විට සාමකාමී තත්ත්වයක් පවතින බව අමෙරිකා මාධ්‍ය වාර්තා කරනවා.

සංක්‍රමණික නීතිවලට එරෙහිව පැවති ගැටුම්වලින් අනතුරුව ඊයේ දිනයේ දී ඇදිරි නීතිය ඉවත් කිරීමෙන් පසු ලොස්ඇන්ජලිස් හි නොසන්සුන්තාව පහව ගිය ද අමෙරිකාවේ වෙනත් නගරවල විරෝධතා පැවැත්වීමේ සූදානමක් පවතින බවයි වාර්තා වන්නේ.

ලොස්ඇන්ජලිස් හි ගැටුම් අතරතුර 400කට ආසන්න පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ පහරදීම් සහ බාධා කිරීම් සම්බන්ධයෙන්.

ඒ අතර සංක්‍රමණිකයන් 333 දෙනෙකු ද සිටින බවයි වාර්තා වන්නේ.

World News

Send your contact Details Today