Latest News

චීන – අප්‍රිකා වෙළඳ පරිමාණය ගැන නවතම දත්තවලින් හෙළි වූ දේ

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අප්‍රිකාව සමඟ චීනයේ සමස්ත ආනයන හා අපනයන වටිනාකම 2024 වසරේ දී යුවාන් ට්‍රිලියන 2.1 දක්වා වූ ඉහළ අගයක් වාර්තා කර ගොස් තිබෙනවා.

එය 2000 වසරේ දී චීන – අප්‍රිකා සහයෝගිතා සංසදය පිහිට වූ මුල් කාලයේ පැවති යුවාන් බිලියන 100 ට අඩු අගයේ සිට වැඩි වීමක් බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

සිව්වැනි චීන – අප්‍රිකා ආර්ථික හා වෙළඳ ප්‍රදර්ශනය, චීනයේ Hunan පළාතේ පැවැත්වීම නිමිත්තෙන් චීන රේගු මහා පරිපාලනය ඊයේ (11) අදාළ දත්ත නිකුත් කරමින් මේ බව සඳහන් කළා.

ගෙවී ගිය වසර 25 තුළ චීනය අප්‍රිකාව සමඟ සිදු කළ සමස්ත ආනයන හා අපනයන වටිනාකම 20 ගුණයකට වඩා වැඩි වී ඇති අතර, සාමාන්‍ය වාර්ෂික වර්ධන වේගය ද 14.2% ක් බව එහි වාර්තා වනවා.

චීන-අප්‍රිකා ආර්ථික හා වෙළඳ සහයෝගීතාවයේ ප්‍රබල ජවයක් ඉන් මුළුමනින්ම පෙන්නුම් කර තිබෙනවා.

World News

Send your contact Details Today