Latest News

චීනය සමඟ අමෙරිකාව අලුත් ගනුදෙනුවක්

Published 11 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

චීනය සමඟ ගනුදෙනුවක් සිදු කර තිබෙන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කරනවා.

ඒ අනුව ඔහු කියා සිටියේ, චීනය එක්සත් ජනපද සමාගම්වලට චුම්භක සහ දුර්ලභ පස්, ලෝහ සැපයීමට සාකච්ඡාවලදී එකග වී ඇති බවයි.

ඒ වෙනුවෙන් අමෙරිකාවේ ඉගෙනුම ලබන චීන සිසුන්ගේ වීසා අවලංගු කිරීමේ තීරණය ආපසු හැරවීමට අමෙරිකාව එකග වී තිබෙනවා.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ට් ට්‍රම්ප්ගේ දෙවන ධුර කාලය ආරම්භවීමෙන් පසුව ඔහු විසින් රටවල් රැසක තීරු බදු පනවනු ලැබුවා.

එහිදී චීනය අතර මතභේදාත්මක තත්වයක් ඇති වූයේ, ඇමරිකානු තීරු බදුවලට එකට එක කිරීමක් ලෙස චීනය ද තීරු බදු ගැනීමත් සමගයි.

කෙසේ වෙතත් මෙම වෙළෙඳ යුද්ධයට නිමාවක් තබමින් පසුගිය මැයි මාසයේදී දෙරටේ නියෝජිතයින් ලන්ඩන් නුවරදී දින දෙකක සාකච්ඡාවක් පවත්වනු ලැබුවා.

World News

Send your contact Details Today