Latest News

කොලොම්බියාවේ පොලිස් ස්ථාන කිහිපයක් ඉලක්ක කර ගනිමින් ප්‍රහාර මාලාවක්

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

නිරිතදිග කොලොම්බියාවේ පොලිස් ස්ථාන කිහිපයක් ඉලක්ක කර ගනිමින් ප්‍රහාර මාලාවක් එල්ල කෙරුණා.

ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් හත් දෙනෙකු මිය ගොස් ඇති අතර තුවාල ලැබූ 28 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

එරට කැරලිකාර කණ්ඩායම්වලට ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා එල්ල වන අතර කොලොම්බියාවේ කොරින්ටෝ, එල් බෝර්ඩෝ සහ ජමුන්ඩි නගරවලට ප්‍රහාර එල්ල වී තිබුණා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, “ත්‍රස්ත ප්‍රහාර” 20 කට වඩා එල්ල වූ බවයි.

පොලිස් ස්ථාන වලට අමතරව නාගරික ගොඩනැගිලි ඉලක්ක කර ගනිමින් ද මෙම ප්‍රහාර එල්ල කර තිබෙනවා.

එරට අගනුවර පැවති මැතිවරණ රැලියකදී ජනාධිපති අපේක්ෂක මිගෙල් උරිබේ ටර්බේ ඝාතනය කිරීමට තැත් කිරීමෙන් දින කිහිපයකට පසුව මෙම ප්‍රහාර එල්ලවී තිබීම විශේෂත්වයක්.

World News

Send your contact Details Today