Latest News

සිංගප්පූරුවේ ප්‍රමුඛ ගුවන් සේවාවක් වසා දමයි

Published 10 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

සිංගප්පූරුව පදනම් කරගත් අඩු පිරිවැය ගුවන් සේවයක් වන ජෙට්ස්ටාර් ඒෂියා ගුවන් සේවාව ජූලි මස අවසානයේදී වසා දමන බවත් ඒ් හරහා බලපෑමට පත්වෙනු ගුවන් මගීන් වෙත සම්පූර්ණ මුදල් ආපසු ගෙවන බවත් එම සමාගම පවසනවා.

සැපයුම්කරුවන්ගේ පිරිවැය ඉහළ යාම, ගුවන් තොටුපළ ගාස්තු ඉහළ යාම සහ කලාපයේ තරගකාරිත්වය ඉහළ යාම නිසා මෙම තීරණය කර ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.

මෙම තීරණයත් සමඟින් සේවකයින් 500 කට වැඩි පිරිසකට සිය රැකියාව අහිමි වෙනු ඇති.

කෙසේවෙතත් Jetstar Asia වසා දැමුුවත්, ඔස්ට්‍රේලියාව පදනම් කරගත් Jetstar Airways හි මෙහෙයුම් වලට හෝ ජපානය පදනම් කර ගත් Jetstar Japan හි මෙහෙයුම් වලට බලපෑමක් නොමැති බව එහි කොටස් හිමිකරු වන Qantas පවසනවා.

ඒ අනුව ගුවන් සේවය ඉදිරි සති හත තුළ ක්‍රමයෙන් සිය මෙහෙයුම් අඩුකරනු ලබන අතර ජූලි 31දා ගුවන් සේවය සම්පූර්ණයෙන්ම සිය මෙහෙයුම් අවසන් කිරීමට නියමිතයි.

World News