හෙට (12) සිට ක්‍රියාත්මක වන පරිදි 2025 වසරේ දෙවන අර්ධය සඳහා ශ්‍රී ලංකාවේ විදුලි ගාස්තුව සමස්තයක් ලෙස 15%කින් ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා.
ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම විසින් මෙම තීන්දුව අද දහවල් දැනුම් දුන්වා.
කෙසේවෙතත් කුඩා පරිභෝජන සහ ඒකක 90ට වඩා අඩු ආගමික ස්ථානවලට මෙවර විදුලි ගාස්තු සංශෝධනයෙන් කිසිදු වෙනසක් සිදුව නොමැති බවයි ජයනාත් හේරත් මහතා පවසන්නේ.
එමෙන්ම ඒකක 30ට වඩා අඩු ගෘහස්ත අංශයේ කාණ්ඩවලට 8%ක් වැඩිවීමක් සිදුව තිබෙනවා.
ඒ අනුව රු 75ට තිබු මාසික ගාස්තුව අද මධ්‍යම රාත්‍රීයේ සිට රු 80ක් බවට පත්වනවා.
මේ මස පළමු වැනිදා සිට විදුලි ගාස්තු සියයට 18.3කින් ඉහළ නැංවීමට අදාළ යෝජනාව ලංකා විදුලි බල මණ්ඩලය විසින් මහජන උපයෝගීතා කොමිසම වෙත පසුගියදා යොමු කරනු ලැබුවා.
ඒ පිරිවැය ආවරණය වන පරිදි කඩිනමින් විදුලි ගාස්තු ගැලපීමක් සිදු කළ යුතු බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිර්දේශ කර තිබූ පසුබිමකයි.
ඊට අදාළව දිස්ත්‍රික් මට්ටමින් මහජන අදහස් විමසීම පසුගිය දිනවලදී සිදු කරනු ලැබුවා.