මධුසමය ගත කරමින් සිටියදී තම සැමියා අමානුෂික ලෙස ඝාතනය කර අතුරුදහන් වූ කාන්තාවක් ඉන්දීය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම යුවළ මධුසමය ගත කිරීම සදහා මේඝාලය බලා පිටත්ව ගොස් දින හතරකට පසු ඔවුන් දෙදෙනා අතුරුදහන් වී තිබෙනවා.
මනාලිය මරා දමා හෝ පැහැරගෙන ගොස් ඇති බවට ඇගේ පවුල මනාලයාගේ පාර්ශවයට චෝදනා එල්ල කර සිටියා.
අනතුරුව පොලිසිය සහ ආපදා සහන කණ්ඩායම් විසින් සිදුකළ විමර්ශනයකින් පසුව මනාලයාගේ සිරුර මේඝාලය ප්‍රදේශයේ කන්දක් අසළ තිබියදී සොයාගෙන තිබෙනවා.
බරපතල කැපුම් තුවාල සහිතව ඔහු සොයාගන්නා විට ඔහුගේ මුදල් පසුම්බිය සහ රන් භාන්ඩද අතුරුදහන් වී තිබූ බවයි පොලීසිය පැවසුවේ.
ඉන් දින කීපයකට පසු මනාලිය මෙම ඝාතනය සම්බන්දව වරද පිළිගනිමින් පොලිසියට භාර වී තිබෙනවා.
ඇය කුලී ඝාතකයින් හතර දෙනෙකු ලවා තම සැමියා ඝාතනය කළ බවට පිළිගත් අතර මෙම සිද්ධියට සම්බන්ද වූ ඝාතකයින් තිදෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.