Latest News

Apple වෙතින් මෙතෙක් සිදු කරන දැවැන්ත Software Update එක ලබා දීමට සූදානම්

Published 10 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

Apple සමාගම දශකයකට වැඩි කාලයක් තුළ එහි විශාලතම Software හඳුන්වාදීම සිදුකර තිබෙනවා.

ඒ අනුව Apple සමාගමේ නව AI system එක හරහා iPhone, Mac, Watch සහ iPad brain එකට නව වෙනසක් සිදුකිරීමට ආසන්නයි.

තාක්ෂණික දැවැන්තයාගේ වාර්ෂික ලෝක ව්‍යාප්ත සංවර්ධක සමුළුවේදී (WWDC) මෙම පුළුල් වෙනස්කම් නිවේදනය කිරීමටයි නියමිතව ඇත්තේ.

එහිදී Apple සමාගම විසින් Liquid Glass නමින් නැවුම් පෙනුමක්, New tools for call screening, live translation, a smarter Siri සහ එහි මෘදුකාංග නම් කරන ආකාරයෙහි ප්‍රධාන වෙනසක් එළිදැක්වීමට සූදානම් වනවා.

මෙය සෑම වසර දහයකට වරක් පමණක් සිදුවන ව්‍යාපෘතියක් බවයි Apple සමාගමේ මෘදුකාංග ප්‍රධානී ක්‍රේග් ෆෙඩරිගි පැවසුවේ.

ඇපල් සමාගම අපේක්ෂිත iOS 19 මඟ හැර කෙලින්ම iOS 26 වෙත ළඟාවෙමින්, මෘදුකාංග නාමය වසර සමඟ පෙළගැස්වීමට සූදානම් වනවා.

මෙම App එක මගින් ඔබට ලැබෙන ඇමතුම් නීත්‍යානුකූල නම්, ඇමතුම නාද වන නමුත් එය Spam එකක් නම්, ඇමතුම නොලැබෙනු ඇති.

පාරිභෝගික සේවාව අමතන විට පෝලිමේ ඔබේ ස්ථානය තබා ගන්නා නව Hold Assist විශේෂාංගයක් ද මෙමගින් සපයාදෙනු ලබනවා.

FaceTime, Phone සහ Messages, නව AI system එක මගින් ද්විභාෂා සංවාද පවා කළ හැකි බවයි Apple සමාගම පවසන්නේ.

මෙවැනි නවතම අත්දැකීම් රැසක් Apple සමාගමේ නවමු සොෆ්ට්වෙයාර් එක හරහා ඔබට අත්විඳිය හැකි වනවා.

World News