උතුරු අයර්ලන්තයේ බෙලිමිනා නුවර රුමේනියානු සංක්‍රමණික තරුණයන් දෙදෙනෙක් 14 හැවිරිදි තරුණියකට ලිංගික අතවර කිරීමේ සිදුවීමක් මුල් කරමින් ප්‍රදේශය පුරා විරෝධතා සහ ප්‍රචණ්ඩ ක්‍රියා පැතිරී තිබෙන බව බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කරනවා.
එම සිදුවීමට විරෝධය දක්වමින් සංක්‍රමණික විරෝධී දහස් සංඛ්‍යාත අයර්ලන්ත ජාතිකයන් පිරිසක් බෙලිමිනා නුවර පිහිටි රුමේනියානු සංක්‍රමණිකයන්ගේ නිවාසවලට සහ දේපළවලට හානි සිදු කරමින් ප්‍රචණ්ඩව හැසිරුණු බවත්, තත්ත්වය පාලනය කිරිමට උතුරු අයර්ලන්තයේ කැරලි මර්දන පොලීසිය කැඳවා ඇති බවත් බ්‍රිතාන්‍ය මාධ්‍ය වැඩිදුරටත් සඳහන්.
බෙලිමිනා නුවර පිහිටි රුමේනියානු සංක්‍රමණිකයන්ගේ නිවාසවලට ගල්මුල්වලින් සහ බෝතල්වලින් පහර දුන් විරෝධතාකරුවන් මැඬපැවැත්වීමට උත්සාහ කළ පොලිස් නිලධාරීන්ට සහ පොලිස් රථවාහනවලට පහරදෙමින් ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කර තිබෙන බවයි බ්‍රිතාන්‍ය මාධ්‍ය සඳහන් කළේ.
මුහුණු ආවරණය කරගත් සංක්‍රමණ විරෝධී තරුණයන් නිවාස සහ මෝටර් රථ කිහිපයකට ගිනි තබා තිබෙන බවත් වාර්තා වනවා.
ලිංගික අතවර චෝදනාවට අත්අඩංගුවට පත්වූ තරුණයන් දෙදෙනා ද 14 හැවිරිදි වියෙහි පසුවන බවත්, ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු වැඩිදුරටත් බන්ධනාගාරගත කර ඇති බවත් වාර්තා වනවා.