Latest News

දකුණු චීන මුහුදේ යුද අභ්‍යාස මාලාවක්

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

පිලිපීනය සහ අමෙරිකානු හමුදා ඒකාබද්ධව දකුණු චීන මුහුදේ හමුදා අභ්‍යාසමාලාවක් පැවැත්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එම හමුදා අභ්‍යාසමාලාව දෙපාර්ශ්වය අතර වාර්ෂිකව සිදු කරන අතර, මෙවර එය පවත්වා ඇත්තේ 7 වැනි වරටයි.

වසර ගණනාවක් පුරා දකුණු චීන මුහුද ආශ්‍රිතව පිලිපීනය සහ චීනය අතර උද්ගත වී ඇති අර්බුදය මධ්‍යයේ අමෙරිකානු හමුදාව සමඟ ඒකාබද්ධව හමුදා අභ්‍යාසමාලාවක් පැවැත්වීම ජාත්‍යන්තර අවධානයට ලක්වූ බවත්, එම අභ්‍යාසමාලාව චීනයේ දැඩි නිරීක්ෂණයට ලක්වූ බවත් විදෙස් මාධ්‍ය සඳහන් කළා.

පිලිපීනයේ හමුදාව නවීකරණය කිරීමේ වැඩසටහන යටතේ පැවැති එම හමුදා අභ්‍යාසමාලාව ජාත්‍යන්තර නීතියට අනුකූලව සහයෝගිතාව ශක්තිමත් කිරීමේ අරමුණ ඇතිව සිදුකළ බව නිවේදනයක් නිකුත් කරමින් පිලිපීන සන්නද්ධ හමුදාව ප්‍රකාශ කර ඇති අතර, දකුණු චීන මුහුද ආශ්‍රිතව චීනය සමඟ පැවැත්වෙන අර්බුදය හේතුවෙන් මෑත වකවානුවේ එවැනි හමුදා අභ්‍යාස ඉහළ ගොස් ඇතැයි ද වාර්තා වනවා.

World News

Send your contact Details Today