ලොව ප්‍රමුඛතම හමුදා ගුවන්යානා නිෂ්පාදකයන් වන ප්‍රංශයේ ඩසෝල්ට් ඒවියේෂන් සමාගම පළමුවරට සිය නිෂ්පාදන එකලස් කිරීම ප්‍රංශයෙන් පිටතට ගෙනයමින් රෆායල් ප්‍රහාරක ගුවන්යානාවල බඳ කොටස නිෂ්පාදනය කිරීම සඳහා ඉන්දියාවේ ටාටා සමාගම සමඟ ගිවිසුම් 4කට අත්සන් තබා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඉන්දියාවේ ප්‍රමුඛතම වෙළෙඳ සන්නාමයක් වන ටාටා සමූහයේ අනුබද්ධිත ආයතනයක් වන ටාටා අධිතාක්ෂණික පද්ධති සැකසුම් සමාගම හා එක්ව ඉදිරියේදී එම නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමට නියමිත බව ද එම මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළා.
එම ගිවිසුම් යටතේ ටාටා සමාගම රෆායල් ප්‍රහාරක යානාවල ප්‍රධාන ව්‍යුහාත්මක කොටස් නිෂ්පාදනය කිරිමට නියමිත බවත්, ඒ සඳහා හයිද්‍රබාද් නුවර අති නවීන නිෂ්පාදන පහසුකම් ඇතුළත් කර්මාන්තශාලාවක් පිහිටුවනු ඇති බවත් විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.
මෙහි පළමු නිෂ්පාදනය වසර 2027-2028 අතර කාලසීමාවේදී නිකුත් කිරීමට නියමිත බව ද වාර්තා වනවා.
පසුගිය සියවස ඇතුළත ඩසෝල්ට් ඒවියේෂන් සමාගම විසින් ලොව පුරා රටවල් 90කට වැඩි සංඛ්‍යාවකට හමුදා සහ සිවිල් ගුවන්යානා දසදහසකට අධික ප්‍රමාණයක් නිෂ්පාදන කර බෙදා හැර තිබෙන බවත් වාර්තා වනවා.