ඔස්ට්‍රේලියාවේ ක්‍රිකට් ආයතනය විසින් 2025 BBL සහ WBBL තේරීම් සැලසුම් සඳහා ලියාපදිංචි කර තිබෙන විදේශීය ක්‍රීඩකයින් 600 දෙනෙකුගෙන් යුත් පළමු ලැයිස්තුව අද නිකුත් කර තිබෙනවා.
පකිස්තානයේ ශාහීන් ආෆ්‍රීඩී, මුහම්මද් රිස්වාන්, හාරිස් රෞෆ් සහ ශඩාබ් ඛාන් BBL 15 සඳහා නාම් ඉදිරිපත් කළ විශිෂ්ට ක්‍රීඩකයින් වන අතර BBL 15 සහ WBBL 11 සඳහා විදේශීය ක්‍රීඩක Draft ක්‍රියාවලිය ජූලි 19 වන දින පැවැත්වීමට නියමිතයි.
BBL 15 සඳහා නිකුත් කළ පළමු ලැයිස්තුවේ West Indies ශමාර් ජෝසප්, නවසීලන්තයේ ලොකි ෆර්ගසන් සහ ටිම් සවුති ඇතුළත්.
එංගලන්තයේ සෑම් කරන්, ඇලෙක්ස් හේල්ස්, සහ ශ්‍රී ලංකාවේ කුසල් පෙරේරා ද මෙම ලැයිස්තුවේ සිටින ප්‍රමුඛ ක්‍රීඩකයින් වනවා.
WBBL 11 සඳහා නාමය ලියාපදිංචි කර ඇති ක්‍රීඩිකාවන් ලෙස හීදර් නයිට්, සෝෆි එකල්ස්ටන්, ලෝරන් බෙල්, සහ ඩැනී වයට් දැක්වෙනවා.
ඉන්දියාවේ ජෙමීමා රොඩ්රිග්ස් සහ ෂිකා පන්ඩේ, පකිස්තානයේ නායකත්වය දරන ෆාතිමා සනා, දකුණු අප්‍රිකාවේ ෂබ්නිම් ඉස්මයිල් සහ ක්ලෝයි ට්‍රයොන්, සහ වෙස්ට් ඉන්ඩීස්වල ඩියැන්ඩ්රා ඩොටින් ද WBBL 11 තේරීම් සඳහා නාම් ඉදිරිපත් කර තිබෙනවා.
ක්‍රීඩකයින්ගේ සම්පූර්ණ ලැයිස්තුව සහ ඔවුන්ගේ ලබාදිය හැකි දිනයන් සදහන් විස්තර Big Bash යෙදුම හරහා ඉතාම ඉක්මනින් නිකුත් කරන බවයි වාර්තා වන්නේ.