Latest News

වීථිවල සුනඛයින් ඇවිද්දවීම සපුරා තහනම් කළ රට

Published 6 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ටෙහෙරාන් අගනුවර ඇතුළු ප්‍රධාන නගරවල සුනඛයින් ඇවිද්දවීම තහනම් කරමින් පැනවූ වාරණය දීර්ඝ කර තිබෙනවා.

ටෙහෙරාන් අගනුවර සුනඛයින් ඇවිද්දවීම තහනම් කළේ 2019 වසරේ නිකුත් කළ පොලිස් නියෝගයක් යටතේයී.

එම වාරණය තවත් ප්‍රධාන නගර 18කට ව්‍යාප්ත කිරීමට රජය පසුගිය සතියේ කටයුතු කළා.

ඒ යටතේ සුනඛයින් රථ වාහනවලින් ප්‍රවාහනය කිරීමත් තහනම් කර තිබෙනවා.

1979 වසරේ පත්වූ ඉරාන විප්ලවීය රජය යටතේ, සුනඛයින් ඇතිකිරීම හෙලා දැක ඇති අතර, ඒ යටතේ සුනඛයින් අපිරිසිදු බවට ද සඳහන්.

සුනඛයින් ඇතිකිරීම බටහිර සංස්කෘතියේ අංගයක් බවද එහිදී රජය පවසා තිබුණා.

World News