දැනට ජාත්‍යන්තර මගීන් සඳහා ලොව කාර්යබහුලම ගුවන්තොටුපළ ලෙස සැලකෙන ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළ (DXB), ඉදිරි දශක කිහිපය තුළ ක්‍රමානුකූලව වසා දැමීමට නියමිතයි.
නගරයේ දිගුකාලීන ගුවන් සේවාවන්හි උපාය මාර්ගයක කොටසක් ලෙස සිදුකරන්නට යන මෙම වෙනස අනුව, සියලුම මෙහෙයුම් හා සේවාවන් අවසානයේදී වත්මන් ස්ථානයේ සිට සැතපුම් 38 ක් දුරින් පිහිටි නව අල් මක්තූම් ජාත්‍යන්තර ගුවන්තොටුපළ (DWC) වෙත මාරු කරනු ඇති.
ඩුබායි වර්ල්ඩ් සෙන්ටර් යනුවෙන්ද හැඳින්වෙන, මෙම නව ස්ථානය සංචාරකයින් බොහෝ දෙනා අතර ප්‍රකට ස්ථානයක්.
කෙසේ වෙතත් මෙම වෙනස එනම් DXB වැසීම වහාම සිදුවන්නක් නොවනු ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.
නව අල් මක්තූම් ගුවන් තොට එනම් DWC වෙත මාරුවීම ක්‍රමානුකූලව සිදුවීමට සැලසුම් කර ඇති අතර, අඩුම තරමින් ඉදිරි දශකය තුළත් ප්‍රධාන ගුවන්තොටුපළ ලෙස DXB පවතිනු ඇති.
අල් මක්තූම් ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි (DWC) නව පර්යන්තය 2032 වන විට විවෘත කිරීමට අපේක්ෂා කරන නමුත්, පූර්ණ ව්‍යාප්තිය සහ DXB වෙතින් මෙහෙයුම් සම්පූර්ණයෙන් මාරු කිරීම 2050 දශකය දක්වා දිගට පවතිනු ඇති.
කෙසේවෙතත් සමහර මූලාශ්‍රවලින් 2035 වනවිට DXB වසා දමන බව කියැවෙන නමුත් ප්‍රායෝගිකව එය සිදුනොවනු ඇතැයි එරට ආරංචි වාර්තා කර තිබෙනවා.
මෙම වෙනස සිදුකරන්නට හේතු කිහිපයක් බලපා ඇති අතර DXB අධිවේගී මාර්ග සහ නේවාසික ප්‍රදේශවලින් වටවී තිබීමෙන් එය සංවර්ධනය කර සැලකිය යුතු ව්‍යාප්තියක් සඳහා ඉඩක් නොමැතිවීම ප්‍රදාන කාරණාවක් වනවා.
අනාගත වර්ධනය: DWC, සම්පූර්ණයෙන් සංවර්ධනය වූ පසු, වාර්ෂිකව මගීන් මිලියන 260ක් දක්වා හැසිරවීමේ හැකියාව අපේක්සා කරන අතර එය වත්මන් DXB හි වත්මන් ධාරිතාවය මෙන් පස් ගුණයකි.
සංක්‍රාන්තිය සම්පූර්ණ වූ පසු, DXB වැසෙනු ඇති අතර, එහි භූමිය යළි සංවර්ධනය කිරීමට ඉඩ ඇත, සමහරවිට දේපළ සංවර්ධනය සඳහා විය හැකි නමුත්, තවමත් නිල සැලසුම් තහවුරු කර නැහැ.
වැසීම සාවධානව කළමනාකරණය කරමින් පවතින අතර, එමිරේට්ස් සහ බ්‍රිටිෂ් එයාර්වේස් වැනි ගුවන් සේවා ඉදිරි අනාගතය සඳහා DXB වෙතින් තවදුරටත් ක්‍රියාත්මක වනු ඇති.