Latest News

ඝාතනය කෙරූ බව කියූ හමාස් නායකයාගේ සිරුර හමු වූ තැන

Published 12 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඊශ්‍රායල ආරක්ෂක හමුදාව (IDF) මැයි මාසයේ ගුවන් ප්‍රහාරයකින් ඝාතනය කරන ලද හමාස් නායක මොහොමඩ් සින්වාර්ගේ මළ සිරුර සොයාගත් බව අද තහවුරු කර තිබෙනවා.

පසුගිය සතියේ ගාසා තීරයේ යුරෝපීය රෝහලේ සැඟවී සිටියදී මැයි 13 වන දින එල්ල කරන ලද ප්‍රහාරයකින් ඔහු ඝාතනය කළ බව ඊශ්‍රායලය තහවුරු කිරීමෙන් අනතුරුවයි මෙම නිවේදනය නිකුත් කර ඇත්තේ.

වයස අවුරුදු 49ක් වූ සින්වාර් යනු 2023 ඔක්තෝබර් 7 වන දින ඊශ්‍රායලයට එල්ල වූ ප්‍රහාරයේ මහ මොළකරු වූ යායා සින්වාර්ගේ බාල සහෝදරයායි.

යායා සින්වාර් මාස අටකට පෙර ඊශ්‍රායල හමුදා සොල්දාදුවන් විසින් වෙඩි තබා ඝාතනය කළා.

මෙම සහෝදරයන් දෙදෙනාම උපත ලැබුවේ හා පසුව ඝාතනය කරනු ලැබුවේ ගාසා තීරයේ ඛාන් යූනිස් ප්‍රදේශයේදීයි.

මොහොමඩ් සින්වාර් 2011 වසරේ පැවති සාම සාකච්ඡාවල කොටස් කරුවකු වූ අතර, එහිදී ඊශ්‍රායල් ජාතික ගිලඩ් ෂලිට් නිදහස් කර ගැනීම වෙනුවෙන් පලස්තීන ත්‍රස්තවාදීන් 1,027 දෙනෙකු අතර යායා සින්වාර් ද නිදහස් කළා.

ඔහුගේ ත්‍රස්තවාදී වෘත්තියේ යම් අවස්ථාවක, මොහොමඩ් සින්වාර් ඊශ්‍රායල බුද්ධි අංශ විසින් “ඡායාව” (The Shadow) ලෙස හඳුන්වනු ලැබුවේ ඔහු සොයාගැනීම ඉතා දුෂ්කර වූ බැවින්.

ඔහු බලධාරීන්ට හසු නොවීම සඳහා සිය පියාගේ අවමඟුල් උත්සවයට පවා සහභාගී වුණේ නැහැ.

මෙය එසේ වුවද, මෑත කාලයේදී, ෂින් බෙට් බුද්ධි ඒජන්සිය ඔහුගේ චලනයන් ගැන දැනුවත්ව සිටි අතර, ඔහු සැඟවී සිටියදී නිරවද්‍ය ඝාතනයක් සිදු කිරීමට සමත් වුණා.

ඊශ්‍රායල ආරක්ෂක හමුදාවේ ප්‍රකාශක සහ ෂින් බෙට් (ISA) ප්‍රකාශක විසින් නිකුත් කරන ලද ඒකාබද්ධ ප්‍රකාශයක සඳහන් වන්නේ: “හමාස් ත්‍රස්තවාදී සංවිධානයේ හමුදා අංශයේ ප්‍රධානී මොහොමඩ් සින්වාර්ගේ මළ සිරුර සොයාගෙන ඇති බවයි.

“මෙහෙයුම අතරතුර තවත් ත්‍රස්තවාදී මළ සිරුරු කිහිපයක් ද සොයාගෙන ඇත; ඔවුන්ගේ අනන්‍යතාවය පරීක්ෂාවට ලක් වෙමින් පවතී.” ඊශ්‍රායල ආරක්ෂක හමුදා දර්ශන වලින් පෙන්නුම් කරන්නේ රෝහල යටින් ඇති උමං විවරයකින් ප්ලාස්ටික් මළ සිරුරු බෑගයක ඔතා ඇති ජීවිතක්ෂයට පත් වූ රූපයක් ඇද ගෙන යන ආකාරයයි.

World News