නේපාලයේ පළමු වරට ළදරුවන්ට මව්කිරි ලබාදීමේ අරමුණින් මව්කිරි බැංකුවක් ස්ථාපිත කර තිබෙනවා.
අඩු බර උපත්, නොමේරූ සහ අනෙකුත් අවදානම් සහිත අලුත උපන් බිළිඳුන්ට ඒ හරහා සේවා ලබාදීමටයි කටයුතු කර ඇත්තේ.
යුනිසෙෆ් සංවිධානය නේපාල රජය සහ අනෙකුත් හවුල්කරුවන් එක්ව මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ලොව පුරා සෑම වසරකම නොමේරූ ළදරුවන් මිලියන 15 කට වඩා උපත ලබන අතර නේපාලය සහ අනෙකුත් මධ්‍යම ආදායම් ලබන රටවල වාර්ෂිකව නොමේරූ දරු උපත් 81,000 ක් සිදුවන බවටයි අනාවරණ වී ඇත්තේ.