Latest News

සමාජ මාධ්‍ය ප්‍රවණතාවක් නිසා 19 හැවිරිදි තරුණියකට දිවි අහිමි වෙයි

Published 12 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අමෙරිකා එක්සත් ජනපදයේ සමාජ මාධ්‍ය තුළ ජනප්‍රිය වූ Dusting නම් අභියෝගයකට සහභාගි වූ 19 හැවිරිදි තරුණ කාන්තාවක් මියගොස් ඇති බව වාර්තා වනවා.

මියගිය තරුණිය ඇරිසෝනා ප්‍රාන්තයේ පදිංචි රෙනා ඕ’රූර්ක් නම් තරුණියකික්.

සමාජ මාධ්‍ය තුළ වැඩි ප්‍රේක්ෂක ආකර්ෂණයක් ලබා ගැනීමේ අරමුණින් ”Dusting ’ සහ Grooming යනුවෙන් හඳුන්වන අභියෝගවලට තරුණ තරුණියන් ආකර්ෂණය වී තිබෙනවා.

Dusting යනු පරිගණක යතුරුපුවරු පිරිසිදු කිරීම සඳහා භාවිතා කරන එයාර්සෝල් (Aerosol) ස්ප්‍රේ ආශ්වාස කිරීමේ අභියෝගයක්.

රෙනා ඕ’රූර්ක්, තම දෙමාපියන්ට නොදන්වා, එයාර්සෝල් යතුරුපුවරු පිරිසිදුකාරකයක් (Keyboard Cleaner) භාවිතා කරමින් මෙම අභියෝගයට සහභාගි වී තිබෙනවා.

මෙම ස්ප්‍රේ ආශ්වාස කිරීම හේතුවෙන් ඇයට බරපතළ සෞඛ්‍ය ගැටලු ඇති වූ අතර, පසුගිය සතියේ සිට රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි රෙනා ජුනි 8 මියගොස් තිබෙනවා.

මෙවැනි එයාර්සෝල් ස්ප්‍රේ මිලදී ගැනීම සඳහා හැඳුනුම්පත් ඉදිරිපත් කිරීමක් අවශ්‍ය නොවීම හේතුවෙන්, දරුවන්ට පවා මෙම භාණ්ඩ පහසුවෙන් ලබා ගත හැකි බව රෙනාගේ දෙමාපියන් පෙන්වා දෙනවා.

බොහෝ විට මෙම රසායනික ද්‍රව්‍ය හෘදයාබාධ ඇති කරමින් මරණයට හේතු වන බවද ඔවුහු පෙන්වා දෙනවා.

මෙම සිදුවීමත් සමඟ, සමාජ මාධ්‍ය තුළ පැතිරෙන අනතුරුදායක අභියෝග පිළිබඳව තරුණ තරුණියන් සහ ඔවුන්ගේ දෙමාපියන් දැනුවත් කිරීමේ අවශ්‍යතාව තවදුරටත් ඉස්මතු වී තිබෙනවා.

විශේෂඥයින් අනතුරු ඇඟවූයේ, මෙවැනි එයාර්සෝල් රසායනික ද්‍රව්‍ය ආශ්වාස කිරීම තාවකාලික මත්ද්‍රව්‍ය ආභාසයක් ලබා දුන්නත්, එය ඉතා ඉක්මනින් මරණයට හේතු විය හැකි බවයි.

World News