කොවිඩ් වෛරසයට වඩා භයානක ලෙස සැලකෙන විෂ සහිත දිලීර ආසාදනයක් එක්සත් ජනපදයේ මහජනතාවට තර්ජනයක් වෙමින් පවතින බව වෛද්‍ය සඟරාවක් වාර්තා කර තිබෙනවා.
චීනයේ වුහාන් හි රසායනාගාරයකින් ආරම්භ වූ බවට වාර්තා වූ කොවිඩ් වෛරසය, ලෝකය පුරා මිලියන ගණනක ජීවිත අහිමි කරමින් ගෝලීය වසංගතයක් බවට පත්වුණා.
මෙම වසංගතය ගෝලීය ආර්ථිකයට දැඩි බලපෑමක් ඇති කළ අතර, ලෝකයම අගුලු දැමීම්වලට ලක් කළා.
චීනය මෙම වෛරසයේ මූලාරම්භය සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා තරයේ ප්‍රතික්ෂේප කළ අතර, “ජෛව යුද්ධයක්” දියත් කළ බවට ලෝකයෙන් චෝදනා එල්ල වුණා.
කාලයත් සමඟ කොවිඩ් වෛරසය යම් දුරකට පාලනය වූ අතර, ලෝකය නැවත සාමාන්‍ය තත්ත්වයට පත්වෙමින් තිබුණා.
එහෙත්, ඉන්දියාවේ දැනට කොවිඩ් ආසාදන යළි ඉහළ යමින් පවතින අතර, ආසන්න වශයෙන් 5,000ක පිරිසක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටිනවා.
එක්සත් ජනපදය ද මීට පෙර කොවිඩ් වෛරසය හේතුවෙන් දැඩි අභියෝගවලට මුහුණ දුන්නා.
මෙම පසුබිම තුළ, එක්සත් ජනපදයේ මෑතකදී විෂ සහිත දිලීර ආසාදනයක ප්‍රවණතාවක් ඉහළ යමින් පවතින බවයි වාර්තා වන්නේ.
විශේෂඥයින් පවසන පරිදි, මෙම දිලීර ආසාදනය කොවිඩ් වෛරසයට වඩා භයානක විය හැකි බවත්, එය අමෙරිකානු ජනතාව අතර කම්පනයක් ඇති කර ඇති බවත් සඳහන් වනවා.