සාගරය අඳුරු වීම හෙවත් Ocean Darkening ලෙස හදුන්වන සිදුවීම, එක්සත් රාජධානියේ Plymoth විශ්වවිද්‍යාලය මගින් සිදු කළ පර්යේෂණයකට අනුව සොයා ගෙන තිබෙනවා.
එය සිදු වන්නේ සාගරයේ ඉහළම ස්තරයේ සිදු වන වෙනස්කම් නිසා ආලෝකයට ජලය හරහා ගමන් කිරීම අපහසු වීම හේතුවෙන්.
Photic Zone ලෙස හැඳින්වෙන මෙම ඉහළ ස්ථරය සියලු ම සාගර ජීවීන්ගෙන් 90%කට නිවහන වනවා.
එය ගෝලීය ජෛව භූ රසායනික චක්‍ර නිවැරදිව පවත්වා ගැනීම සඳහා අත්‍යවශ්‍ය වන බවයි සමීක්ශකයින් පෙන්වා දෙන්නේ.
Global Change Biology ජර්නලයේ පළ කරන ලද මෙම අධ්‍යයනයෙන් 2003 හා 2022 අතර කාල වකවානුව තුළ ගෝලීය සාගරයෙන් 21% අඳුරු වී ඇති බව සොයා ගෙන තිබෙනවා.
ඇල්ගී වර්ධනයේ වෙනස්වීම සහ මුහුදේ මතුපිට උෂ්ණත්වය වෙනස් වීම වැනි සාධක සාගරය අඳුරු වීමට හේතු කාරක වන බව මෙම පර්යේෂණයට අනුව හෙලිවී තිබෙන බව සඳහන්.
අඳුරු වීම නිතර ම දක්නට ලැබෙන්නේ අධික වර්ෂාපතනය නිසා කෘෂිකාර්මික රසායන ද්‍රව්‍ය ගොඩබිමෙන් සෝදා ගෙන ගොස් ජලයට එක්වන වෙරළබඩ ප්‍රදේශවල බවද හෙළිකරගෙන තිබෙනවා.