ට්‍රම්ප් සංක්‍රමණ මර්දනයට එරෙහි විරෝධතාවල තුන්වන දිනය මේ වනවිට ක්‍රියාත්මක වනවා.
ෆෙඩරල් හමුදා භටයින් 300 ක් පමණ විරෝධතාකරුවන් මැඩලීමට යොදවා ඇති බවයි වාර්තා වන්නේ.
පිරිස විසුරු හැරීමට හමුදා භටයින් කඳුලු ගෑස් සහ රබර් උණ්ඩ ප්‍රහාර එල්ල කරමින් සිටිනවා.
අද දහවල් වන විට, ලොස් ඇන්ජලීස් නගරයේ මෙට්‍රොපොලිටන් රැඳවුම් මධ්‍යස්ථානයේ ඉදිරිපිට විරෝධතාකරුවන් සිය ගණනක් රැස්ව සිටින බවද සඳහන්.
තුවක්කු අත දරා සිටින කැරළි මර්දන භටයින්ට විරෝධතාකරුවන් “shame” and “go home” ලෙස හඩ නගමින් සිටින බවයි මාධ්‍ය වාර්තාවල පළවන්නේ.
විරෝධතාකරුවන් නීති විරෝධී ලෙස රැස්ව සිටින බව පවසමින් ලොස් ඇන්ජලීස් පොලිස් දෙපාර්තමේන්තුව විරෝධතාකරුවන් විසුරුවා හැරීම සඳහා රබර් උණ්ඩ ප්‍රහාර එල්ල කරනවා.
ඊයේ පස්වරුවේ ආණ්ඩුකාර ගැවින් නිව්සම් විසින් ට්‍රම්ප් වෙත ලිපියක් යවමින් ආරක්ෂක භටයින් ඉවත් කරන ලෙස ඉල්ලා සිටියා.
දශක ගණනාවකට පසු ආණ්ඩුකාරවරයාගේ ඉල්ලීමකින් තොරව රාජ්‍යයක ජාතික ආරක්ෂක භටයෙකු සක්‍රිය කළ පළමු අවස්ථාව මෙය බවයි ඇමරිකා මාධ්‍ය අංශ පවසන්නේ.