ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ප්‍රමුඛ පෘතුගාලය යුරෝපානු නේෂන්ස් ලීග් පාපන්දු කිරුළ හිමිකර ගැනීමට ඊයේ සමත් වුණා.
ඒ, 2025 යුරෝපානු නේෂන්ස් ලීග් පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගයේ දී ඔවුන්ගේ ප්‍රතිවාදීන් වූ ස්පාඤ්ඤ කණ්ඩායම පරාජයට පත්කරමින්.
ඉතා තියුණු මුහුණුවරක් ගත් මෙම තරගයේ නියමිත කාලය අවසන් වනවිට කණ්ඩායම් දෙකම ගෝල 02 බැගින් රැස් කරගෙන සිටියා.
මේ හේතුවෙන් අතිරේක කාලයක් ලබාදීමට විනිසුරුවරුන් කටයුතු කළ අතර එම කාලය තුළ දී දෙපිළටම ගෝල රැස් කරන්නට හැකියාව ලැබුණේ නැහැ.
ඒ, අනුව තරගයේ ජයග්‍රාහකයින් තීරණයේ කෙරුනේ දඬුවම් පහර මඟින්.
එහිදී දඬුවම් පහර 05ට 03ක් ලෙස සාර්ථක කරගත් පෘතුගාලය 2025 යුරෝපානු නේෂන්ස් ලීග් පාපන්දු ශූරතාව තමන් සතුකර ගත්තා.
ජයග්‍රහණයෙන් පසු අදහස් දැක්වූ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ පැවසුවේ, ” පෘතුගාලය වෙනුවෙන් ජයග්‍රහණය කිරීම සැමවිටම විශේෂයි. මට ක්‍රීඩා සමාජ සමඟ බොහෝ ශූරතා තිබෙනවා, නමුත් පෘතුගාලය වෙනුවෙන් ජයග්‍රහණය කිරීමට වඩා හොඳ කිසිවක් නැහැ.” ලෙසයි.