Latest News

ගාසා තීරයට ආධාර රැගත් නෞකාවක් ඊශ්‍රායල හමුදා ග්‍රහණයට

Published 10 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ගාසා තීරයට ආධාර රැගත් නෞකාවක් ඊශ්‍රායල හමුදාව සිය ග්‍රහණයට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ෆ්‍රීඩම් ෆ්ලෝටිලා නැමැති සන්ධානය ටෙලිග්‍රෑම් සටහනක පවසා ඇත්තේ, මැඩ්ලීන් නෞකාව සමඟ සම්බන්ධතාවය නැති වී ගිය බවයි.

මෙලෙස ආධාර රැගෙන ගිය මැඩ්ලීන් නෞකාවේ දේශගුණික ක්‍රියාකාරිනී ග්‍රේටා තුන්බර්ග්, ගේම් ඔෆ් ත්‍රෝන්ස් නළු ලියම් කනිංහැම්, යුරෝපීය පාර්ලිමේන්තුවේ ප්‍රංශ මන්ත්‍රීවරියක වන රීමා හසන් මැඩ්ලී ඇතුළු පිරිසක් සිටින බවයි වාර්තා වන්නේ.

මේ අතර ඊශ්‍රායල හමුදා නැවට ගොඩ වූ බවට තහවුරු කිරීම වෙනුවෙන් ඊශ්‍රායල විදේශ අමාත්‍යාංශය එක්ස් සටහනක් තබමින් පැවසුවේ යාත්‍රාව ආරක්ෂිතව ඊශ්‍රායල වෙරළට ගමන් කරමින් සිටින බවයි

එමෙන්ම ඔවුන්ගේ මව් රටවලට ආපසු යනු ඇතැයි අපේක්ෂා කෙරෙන බවත් ඊශ්‍රායල විදේශ අමාත්‍යාංශය තැබූ එක්ස් සටහනේ වැඩිදුරටත් සඳහන්.

මේ අතර අද අලුයම ෆ්‍රීඩම් ෆ්ලෝටිලා සන්ධාන කණ්ඩායම ටෙලිග්‍රෑම් හි ඡායාරූපයක් පළ කළ අතර, එහි නැවේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් ජීවිතාරක්ෂක ජැකට් පැළඳ බෝට්ටුවක් තුළ වාඩි වී සිටින ආකාරය සහ ඔවුන්ගේ දෑත් ඉහලට ඔසවාගෙන සිටින ආකාරය දැක්වෙනවා.

කෙසේ වෙතත් එම ඡායාරූපයේ ඊශ්‍රායල ආරක්ෂක හමුදා සොල්දාදුවන් කිසිවෙකු දැකගැනීමට නැහැ.

World News

Send your contact Details Today