Latest News

ටස්මේනියාවේදී අතුරුදන් වූ සංචාරකයන් දෙදෙනා ගැන කණගාටුදායක පුවතක්

Published 11 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

පසුගිය බදාදා සිට ටස්මේනියාවේ අතුරුදන් වූ සංචාරකයින් දෙදෙනා මියගොස් තිබෙන බව පොලීසිය තහවුරු කර තිබෙනවා.

Leannedra Kang සහ Takahiro Toya ජුනි 4 වන දින ටස්මේනියාවේ Launceston සිට බ්‍රිස්බේන් බලා යන ගුවන් යානයකින් පිටත්ව යාමට නියමිතව සිටියා.

නමුත් ඔවුන් කිසි විටෙකත් ගුවන් යානයට නැග හෝ ඔවුන්ගේ කුලී මෝටර් රථය ආපසු ලබාදී නොමැති බවයි වාර්තා වුණේ.

බ්‍රිස්බේන් සිට පැමිණි මෙම යුවළ St Helens සහ Scamander ප්‍රදේශයේ නිවාඩුවක් ගත කරමින් සිටි අතර, අවසන් වරට ජුනි 3 වන දින North Hobart හි ඔවුන්ගේ නවාතැන්පලෙන් පිටව ගොස් තිබෙනවා.

පසුව ඊයේ සවස, ඊසානදිග ටැස්මේනියාවේ අනතුරට ලක් වූ වාහනයක් අසල ඔවුන් මියගොස් සිටියදී පොලිස් නිලධාරීන් විසින් සොයා ගෙන තිබෙනවා.

පොලිස් පරීක්ෂක ලූක් මෑන්හුඩ් පැවසුවේ ඊයේ සවස 5.30 ට Tebrakunna මාර්ගයේ ජලයේ තිබී මෝටර් රථය සොයා ගත් බවයි.

වාහනය මාර්ගයෙන් ඉවතට පැන ජලයට වැටී ඇති බව විශ්වාස කෙරෙන අතර මූලික පරීක්ෂණවලින් කිසිදු සැක සහිත තත්වයක් නොමැති බවද මෑන්හුඩ් සඳහන් කළා.

දෙදෙනාම වයස අවුරුදු 20 ගණන්වල පසුවිය හැකි බවයි පොලීසිය විශ්වාස කරන්නේ.

World News