Latest News

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමට අලුත් මුහුණු 04ක්

Published 11 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ශ්‍රී ලංකාව සහ සංචාරක බංග්ලාදේශ කණ්ඩායම අතරට පැවැත්වෙන ටෙස්ට් තරගාවලියට එක්වන ශ්‍රී ලංකා සංචිතයට නවක ක්‍රීඩකයින් කිහිප දෙනෙක්ම ඇතුළත් කර ඇති බව ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග පවසනවා.

තරගාවලිය වෙනුවෙන් නම් කළ ශ්‍රී ලංකා සංචිතයට ක්‍රීඩකයින් 18 දෙනෙකු ඇතුළත් බවයි වාර්තා වන්නේ.

ඒ අනුව තරිඳු රත්නායක, පසිඳු සූරියබණ්ඩාර, සොනාල් දිනූෂ සහ පවන් රත්නායක යන ක්‍රීඩකයින් මෙම සංචිතයට නම්කර ඇති නවක ක්‍රීඩකයින් වනවා.

මේ අතර වසර වසර 06 කට පසු දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජයට ද ශ්‍රී ලක ටෙස්ට් සංචිතයේ ස්ථානයක් හිමිව ඇති බවයි වාර්තා වුණේ.

බංග්ලාදේශයට එරෙහිව පළමු ක්‍රිකට් ටෙස්ට් ලබන 17 වන දින ගාල්ලේ දී ආරම්භ වනවා.

World News