Latest News

රුපියල් 500 මුදල් නෝට්ටුව නිසා ඉන්දියානු ජනතාව අතර ව්‍යාකූලත්වයක්

Published 9 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

2026 වසරේ මාර්තු මාසයේ සිට රුපියල් 500 මුදල් නෝට්ටු භාවිතය නතර කිරීමට නියමිත බවට වූ පුවතක් හේතුවෙන් ඉන්දීය ජනතාව අතර ව්‍යාකූලත්වයක් නිර්මාණය වී තිබෙනවා.

“කැපිටල් ටීවී” නම් YouTube නාලිකාවක් විසින් පළ කරන ලද වීඩියෝවක සඳහන් කර ඇත්තේ රුපියල් 500 මුදල් නෝට්ටු භාවිතය ලබන වසරේ මාර්තු මාසයේ සිට ක්‍රමයෙන් නතර කිරීමට රජය කටයුතු කරන බවයි.

මිනිත්තු 12 කට ආසන්න කාලයකින් යුත් මෙම වීඩියෝව ලක්ෂ ගණනක පිරිසක් නරඹා ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

මෙම පුවතත් සමඟ එරට මහජනයා තුළ ඇතිවූ තත්ත්වයත් සමඟ ඉන්දීය රජයේ නිල කරුණු පරීක්ෂා කිරීමේ ආයතනය වන මාධ්‍ය තොරතුරු කාර්යාංශය විශේෂ පණිවුඩයක් නිකුත් කර තිබෙනවා.

එම කාර්යාංශය එක්ස් හි සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ රුපියල් 500 නෝට්ටු අත්හිටුවීමේ පියවරක් ගෙන නොමැති බවයි.

තවමත් ඒවා නීත්‍යානුකූල තත්ත්වය පවතින බවත්, ව්‍යාජ තොරතුරු වලට හසු නොවන ලෙසත් පුරවැසියන්ට දැනුම් දී තිබෙනවා.

2016 නොවැම්බර් 08 වන දින අගමැති නරේන්ද්‍ර මෝදි, රටේ දූෂණයට එරෙහිව සටන් කිරීමට සහ ව්‍යාජ මුදල් නෝට්ටු ගැටළුව විසඳීමට පියවරක් ලෙස පෙර පැවති රුපියල් 500 නෝට්ටු අවලංගු කර මේ වනවිට භාවිත කරන රුපියල් 500 මුදල් නෝට්ටුව හඳුන්වා දෙනු ලැබුවා.

World News