Latest News

බර අඩු කර ගැනීමට ගත් එන්නතක් නිසා කාන්තාවන් 40 දෙනෙකු ගැබ් ගනියි

Published 12 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

බර අඩු කර ගැනීමට එන්නත් ලබාගන්නා කාන්තාවන්ට බ්‍රිතාන්‍යයේ ඖෂධ සහ සෞඛ්‍ය නිෂ්පාදන ඒජන්සියක් විසින් අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

ඒ එවැනි ඖෂධ භාවිතා කරන අතරතුර අනපේක්ෂිත ගැබ්ගැනීම් සම්බන්ධ සිදුවීම් 40ක් ආයතනයට වාර්තා වීමත් සමඟයි.

Southampton විශ්වවිද්‍යාලයේ ප්‍රජනන වෛද්‍ය උපදේශිකා යිං චියොං පැවසුවේ මෙම ඖෂධ වලින් ඇති වන උදර ආබාධයන් හේතුවෙන් ඇතැම් කාන්තාවක් ලබාගන්නා උපත් පාලන ඖෂධ වල බලපෑම අඩාල විය හැකි බවයි.

එම නිසා එය අනපේක්ෂිත ගැබ්ගැනීමකට හේතු විය හැකි බව ඇය සඳහන් කර සිටියා.

බ්‍රිතාන්‍ය ඒජන්සිය නිකුත් කල නිවේදනයේ දැක්වෙන්නේ ජනප්‍රිය බර අඩු කරන එන්නත් යටතට අයත් Ozempic, Wegovy සහ Mounjaro භාවිතා කරන කාන්තාවන් උපත් පාලනය සදහා ඖෂධ ගැනීම හැර වෙනත් ක්‍රම භාවිතා කළ යුතු බවයි.

යම්ලෙස බර අඩු කරන එන්නත් භාවිතයෙන් ගැබ්ගැනීමක් ඇති වුවහොත් වහාම එන්නත් ගැනීම නවතා වෛද්‍ය උපදෙස් ලබාගන්නා ලෙස ඔවුන් ජනතාව දැනුවත් කර සිටියා.

මෙම එන්නත් ගර්භනීභාවය සඳහා ආරක්ෂිතදැයි තහවුරු කර නොමැති නිසා ඒවා වෛද්‍ය උපදෙස් මත පමණක් භාවිතා කරන ලෙස වෛද්‍යවරුන් ප්‍රකාශකර සිටියා.

World News