ලෙබනනය ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කර තිබෙනවා.
ලෙබනනයේ බේරුට් නගරයේ දකුණු දිග ප්‍රදේශය ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාර එල්ල කර ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.
හිස්බුල්ලා සංවිධානයේ ඩ්‍රෝන යානා නිෂ්පාදන ස්ථාන ඉලක්කය වූ බවද ඊශ්‍රායලය පවසනවා.
එම ප්‍රදේශයේ භූ ගතව හිස්බුල්ලා සංවිධානය ඩ්‍රෝන යානා නිෂ්පාදනය කරන බවයි ඊශ්‍රායලය සදහන් කරන්නේ.
පසුගිය මාස 6ක කාලය පුරා ඊශ්‍රායල හා හිස්බුල්ලා සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක වූ පසුබිමකයි මෙම ප්‍රහාර මාලාව එල්ලකර ඇත්තේ.
ඊශ්‍රායලය එල්ල කරන ප්‍රහාරයන් දැඩිව හෙලාදකින බව ලෙබනන අග්‍රාමාත්‍යවරයා නිවේදනය කරනවා.
ඊශ්‍රායල ප්‍රහාරයන් ලෙබනනයේ ආරක්ෂාවට ආර්ථිකයට හා ස්ථාවරත්වයට දැඩි බලපෑමක් බවද ඔහු පෙන්වා දෙනවා.