Latest News

ඉස්ලාමීය බැතිමතුන් මහත් හරසරින් සමරන හජ් උත්සවය අදයි

Published 5 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ලොවපුරා ඉස්ලාමීය බැතිමතුන් මහත් හරසරින් සමරන හජ් උත්සවය අදට (07) යෙදී තිබෙනවා.

ඉස්ලාමීය මාස ක්‍රමය අනුව දුල් හජ් මස දසවන දිනයේ දී පවත්වන උත්සවය මෙම නමින් හඳුන්වනු ලබනවා.

එම උත්සවය සමරනු ලබන්නේ අල්ලා දෙවියන් ඊබ්‍රාහිම් නබි තුමාට දුන් අණක් පිළිපැදීම සදහා ගත් උත්සාහයක් සිහිපත් කිරීම වෙනුවෙන්.

ඉස්ලාමීය බැතිමතුන් අනිවාර්යයෙන්ම ඉටුකළ යුතු ප්‍රධාන වගකීම් පහ අතරින් අවසන් වගකීම හජ් වන්දනාවයි.

ඒ අනුව මෙම දිනයට සමගාමීව ඉස්ලාම් දහමට අනුව පංච මහා වගකීම් වලින් එකක් වන හජ් වන්දනාව සිදුකරනවා.

ඇති නැති පරතරය සහ විවිධ භේද දුරලා සමානාත්මතාව, සහෝදරත්වය ඇති කිරීම හජ් උත්සවයේ ප්‍රධාන අරමුණයි.

ශ්‍රී ලංකාව පුරා හජ් උත්සවය වෙනුවෙන් අද (07) උදෑසන ආගමික වතාවත් සිදුකිරීමට නියමිතයි.

World News