කටුනායක ගුවන්තොටුපොළ සිට සිංගප්පූරුව බලා පියාසර කළ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ UL.- 306 දරන ගුවන් යානය ඉන්දුනීසියා ගුවන් අවකාශය තුළදී හදිසි කාර්මික දෝශයකට ලක් වීම නිසා එරට මෙඩාන් ( Medan ) ගුවන් තොටුපොළට ගොඩබස්වා තිබෙනවා.
ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ A – 320 එයාර් බස් ගුවන් යානය , ගුවන් මගීන් 93 ක් සහ කාර්යය මණ්ඩලය 08 දෙනකු රැගෙන සිංගප්පූරුව බලා අද අලුයම පිටත්ව ඇති අතර ඉන්දුනීසියා ගුවන් සීමාවේදී මෙසේ කාර්මික දෝශයකට ලක් වී තිබුණා.
එහිදී මෙඩාන් ගුවන් තොටුපොළ ගුවන් යානා ඉංජිනේරුවරුන්ගෙන් මෙම ගුවන් යානය අලුත්වැඩියා කර ගැනීම සඳහා විමසීමක් සිදු කර තිබූ අතර , එහිදී මේ සදහා විශාල කාළයක් වැය වන බව පවසා , මෙම අලුත්වැඩියා කිරීම ප්‍රතික්ෂේප කර තිබෙන බවයි වාර්තා වන්නේ.
ඉන් අනතුරුව මෙම ගුවන් යානයෙන් මගීන් බස්සවා , මෙම ගුවන් තොටුපොළ අවට හෝටල් වෙත යොමු කිරීමට මෙඩාන් ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් අවසර ලබා දීම ද ප්‍රතික්ෂේප කර තිබුණා .
එමෙන්ම මෙම ගුවන් මගීන් පිරිස වෙනත් ගුවන් යානයක්, මෙඩාන් ගුවන් තොටුපොළ වෙත යොමු කර මෙම මගීන් පිරිස සිංගප්පූරුව වෙත රැගෙන යාමට, එම ගුවන් තොටුපොළ බලධාරීන් අවසර ලබා දීම ද ප්‍රතික්ෂේප කර තිබුණා .
මෙවන් පසුබිමක් යටතේ ශ්‍රී ලංකා රජය , ශ්‍රී ලන්කන් ගුවන් සේවය , ඉන්දුනීසියා රජය සමග රාජතාන්ත්‍රික වශයෙන් සාකච්ඡා කර , මෙම ගුවන් මගීන් පිරිස මෙඩාන් ගුවන් තොටුපොළ අසළ හෝටල් වෙත යොමු කිරීමට පියවර ගෙන තිබෙනවා.
මේ අතර කාර්මික දෝෂයකට ලක්වූ ශ්‍රීලංකන් ගුවන්යානය පරීක්ෂා කිරීම සඳහා අද (06) අලුයම ජකර්තා බලා පිටත්ව ගිය ගුවන්යානයක මෙරට තාක්ෂණික කණ්ඩායමක් ඉන්දුනීසියාව බලා පිටත්ව ගොස් තිබුණා.
දෝෂයට ලක්වූ ගුවන්යානයේ මගීන් යළි ගෙන්වාගැනීම සඳහා අද දහවල් 1:45ට තවත් ගුවන්යානයක් ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගියා.