ජපානයේ අඩුම වාර්ෂික දරු උපත් සංඛ්‍යාව 2024 වර්ෂයේදී වාර්තා වී තිබෙනවා.
ඒ වසර සියයකට අධික කාලයකට පසුව බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
පසුගිය වර්ෂයේ එරට දරු උපත් සංඛ්‍යාව 686,061ක් ලෙස වාර්තා වී ඇති අතර එය, 1899 වසරට පසුව ජපානයේ සිදුවූ අඩුම වාර්ෂික දරු උපත් සංඛ්‍යාව බවයි දැක්වෙන්නේ.
එමෙන්ම 2023 වසරට සාපෙක්ෂව 2024 වසරේදී උපත් සංඛ්‍යාව සියයට 5.7කින් පහළ ගොස් ඇති බවද සඳහන්.
මෑතකාලයේ ජපානයේ වාර්ෂික දරු උපත් සංඛ්‍යාව අඛණ්ඩව පහළ යාමක් පෙන්නුම් කර ඇති අතර මෙම තත්ත්වය ‘නිහඩ හදිසි අවස්ථාවක්‘ බව ජපාන අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර තිබෙනවා.
මෙම තත්ත්වය තුළ උපත් අනුපාතය ඉහළ නැංවීම සඳහා නිසි ක්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යතාව ද ඔහු අවධාරණය කර තිබෙනවා.
වැඩිහිටි ජනගහනය ඉහළ යාම හේතුවෙන් මේ වනවිට ජපානයේ සේවක හිඟයක් ද නිර්මාණය වී ඇති බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.