Latest News

වසර 200ක් පැරණි Condom එකක් ප්‍රදර්ශනය කරයි (PHOTOS)

Published 13 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් නගරයේ වසර 200ක් පැරණි Condom එකක් විශේෂ ප්‍රදර්ශනයක් ලෙස පෙන්වීමට තීරණය කර තිබෙනවා.

එය බැටළුවෙකුගේ උපග්‍රන්ථයකින් සාදා ඇති අතර එහි කන්‍යා සොහොයුරියක් සහ පූජකවරුන් තිදෙනෙකු නියෝජනය කරන පැහැදිලි මුද්‍රණයක්ද දැක්වෙනවා.

මෙම දුර්ලභ කෞතුක වස්තුව 1830 වර්ශයට අයත් වන අතර අතර එය පසුගිය වසරේ වෙන්දේසියකදී Rijksmuseum කෞතුකාගාරය විසින් මිලදීගෙන තිබෙනවා.

තවද UV ආලෝකය යටතේ පරීක්ෂා කිරීමෙන් පසු ඔවුන් තහවුරු කර සිටියේ මෙය මින් පෙර භාවිතා කර නොමැති බවයි.

මෙවැනි කෞතුක වස්තු දෙකක් පමණක් දැනට ඉතිරිව තිබෙන නිසා මෙය වටිනා සිහිවටනයක් ලෙස තම කෞතුකාගාරයේ දිගටම ප්‍රදර්ශනය කරන බව එහි හිමිකරුවන් කියා සිටියා.

World News