දෙවැනි ලෝක මහා යුද සමයේදී ජපානයේ ටෝකියෝ නුවර පිහිටි ජර්මානු තානාපති කාර්යාලය මඟින් එවනු ලැබූ ඇඩොල්ෆ් හිට්ලර්ගේ ජාතික සමාජවාදී ජර්මානු කම්කරු පක්ෂයට අයත් ලිපිලේඛන ඇතුළත් පෙට්ටි 83ක් ආජන්ටිනාවේ ශ්‍රේෂ්ඨාධිකරණ ගොඩනැඟිල්ලේ පහළ මාලයේ ගබඩාවකින් සොයාගෙන තිබෙන බව ච්නං පුවත් සේවය වාර්තා කරනවා.
නාසිවාදීන්ට අයත් එම ලිපිලේඛන එවකට අාජන්ටිනාවේ බලධාරීන් විසින් විවෘත කර පරීක්ෂාවට ලක් කර ඇතැයි ද, පසුව රාජසන්තක කර ඇතැයි ද වාර්තා වනවා.
ආජන්ටිනාවේ ශ්‍රේෂ්ඨාධිකරණ ගබඩාවෙන් යළි මතුවූ තැපැල්පත්, ඡායාරූප සහ නාසි ප්රචාරක පත්‍රිකා ඇතුළු ලිපිලේඛන තොගය ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයා විසින් පරීක්ෂාවට ලක් කර තිබේ. වසර 84කට පසු යළි හමුවූ නාසි ලිපිලේඛන තොගය ආජන්ටිනාවේ කෞතුකාගාරයට යොමු කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

