Latest News

රුසියාවෙන්, යුක්‍රේනයට නවතම අනතුරු ඇඟවීමක්

Published 13 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

රුසියානු ගුවන් කඳවුරු වෙත යුක්‍රේනය එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරයට රුසියාව ඉදිරියේදි ප්‍රතිචාර දක්වනු ඇති බවට අමෙරිකානු ජනාධිපතිවරයා අනතුරු අඟවා තිබෙනවා.

රුසියානු ජනාධිපති, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ පැවති දුරකතන සංවාදයකදී මේ බව ප්‍රකාශ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

පැයකට වඩා වැඩි කාලයක් ජනාධිපතිවරුන් දෙපළ අතර දුරකතන සංවාදය පැවති බව සඳහන්.

යුක්‍රේනය විසින් පසුගියදා රුසියානු ගුවන් කඳවුරුවලට දැවැන්ත ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කළා.

ඊට ප්‍රතිචාර දැක්වීම බොහෝ ඉක්මණින් සිදු‍වනු ඇති බවට රුසියානු ජනාධිපතිවරයා තමන් සමඟ පැවසු බවයි අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කර ඇත්තේ.

යුක්‍රේන ඩ්‍රෝන ප්‍රහාරයෙන් රුසියාව සහ යුක්‍රේනය අතර, සාමය ඇති කිරීම තවදුරටත් දුෂ්කර වනු ඇති බව ට්‍රම්ප් සමාජ මාධ්‍ය සටහනක් තබමින් ප්‍රකාශ කර තිබෙනවා.

World News