Latest News

ලිංගික ප්‍රචණ්ඩත්වයේ වර්ධනයක් සිදුවන රටක් ගැන අනාවරණයක්

Published 14 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඕස්ට්‍රේලියාවේ ලිංගික ප්‍රචණ්ඩත්වය නොපෙනෙන අයුරින් වර්ධනය වී තිබෙන බව විශේෂඥයින් පවසනවා.

මෙම ප්‍රචණ්ඩ තත්වයන්ගෙන් දිවි ගලවා ගත් පුද්ගලයින්ට යුක්තිය පසිඳලීමට අපොහොසත් වීමද එයට හේතුවක් බවයි විශේෂඥයින් සදහන් කරන්නේ.

විනිසුරු Mordy Bromberg සහ කොමසාරිස් Micaela Cronin මාධ්‍ය හමුවේ පැවසුවේ බොහෝ අපරාධකරුවන්ට කිසිඳු ප්‍රතිවිපාකයකට මුහුණ දීමට සිදු නොවීමද ලිංගික ප්‍රචණ්ඩත්වය වර්ධනය වීමට තවත් හේතුවක් බවයි.

මෙලෙස වගවීමක් නොමැතිකම ලිංගික ප්‍රචණ්ඩත්වය සැඟවී ‍යාමට මෙන්ම එම තත්වයන් අඛණ්ඩව පැවතීමට හේතු බවද ඔවුන් පෙන්වා දෙනවා.

ප්‍රචණ්ඩත්වයට ලක්වූවන් තමන්ට යුක්තිය ලබාදීමට පැහැදිලි මාර්ග අනුගමනය කරන්නැයි බලධාරීන්ගෙන් ඉල්ලීම් කරනවා.

ප්‍රචණ්ඩත්වයට ලක්වූවන් බොහෝ අවස්තාවලදී අපහසුතාවන්ට පත්වීම නිසා මෙම පුද්ගලයින් නීතිය හමුවට යාමද අවම වී තිබෙන බවයි වාර්තා වන්නේ.

ප්‍රචණ්ඩත්වය මර්දනය කිරීම සදහා ඕස්ට්‍රේලියාවේ වාර්ෂිකව ඩොලර් බිලියන 26 ක් වැය කරනු ලබනවා.

World News